වසන්තය නිමාවිය
අහිංසක විලාසෙන්
සිනාසුනු මල්පෙතිද
මිලින වී ඈතකට
පවන හා සැගව ගොස්
කාටවත් නොකියාම
දෑත් බැද ඇවිදින්න
වදන් දොඩමලු වන්න
නොමැත අද මගේ ළග
අතීතේ දිනකදී
සිනාසුනු සුහදිනිය
හදේ සිරකර නොහී
කදුලු ඇය පෙරදිනක
මගේ හදවත එක්ක
බෙදාගත් හැටි තවම
මතක් වේ නිබදවම
පිපෙන්නට පෙරාතුව
පරව ගිය නෙලුම ඇය
සිනිදු පෙති පාව යයි
නිසල ගංදිය එක්ක
නාදුනන නිම්නයට
ඇගේ මුදු වදන් නැති
ගංදෑල නිසල වී
කදුලු බිදු සලනවා
රහසේම මා එක්ක
No comments:
Post a Comment