Saturday, February 25, 2012

පරවී ගිය කුසුමක් විය ඇය අකාලේ

නෑ ඈගේ නෙතු අද සිනා නගන්නේ
ඇගෙ දෙතොල් ගොලුවී
ඇය  යන්නට  ගොස් ඈතට සැගවී
ඇය නිහඩයි
ඇය අද  නිහඩයි


ගිම්හානෙට පෙර දිනකදි රහසින්
පරව ගියා ඇය නොසිතූ මොහොතක
අතීතයේ සිට හමනා මදනල
යලි යලි ගෙනඑයි ඇගේ සුවද පොද

සරසවි බිම තුරැ සෙවණක් යට හිද
ඇය මා කියු ඒ වදන් නොමැත අද
මොහොතින් වියකී යන මිහිදුම මෙන්
 ඇගෙ රැව සැගවී යයි නෙතු අද්දර

නිසලව නිදනා ඇය නෙතු විමසයි
තනිකර යනවාදැයි ඔබ මා හද
හමනා මද පවනැල්ලක පැටලී
ඈ වෙත යන්නෙමි රහසින් මම අද

No comments:

Post a Comment